ශ්‍රී ලංකාවෙන් ටෙස්ට් ලකුණු 12000සීමාව පසුකළ පළමු පිතිකරු ලෙසත් ලොව එවැනි දක්ශතාවක් දැක්වූ පස්වැනි පිතිකරු ලෙසත් කුමාර් සංගක්කාර ක්‍රිකට් ඉතිහාසයට එක්වුණා.
ඒ සත්කාරක නවසීලන්තවට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදීය.
සිය 130වැනි ටෙස්ට් තරගය ක්‍රීඩාකරමින් සිටින සංගා මෙම තරගය පෙරාතුව ලකුණු 11995ක් රැස්කර ගෙන සිටියා.
තරගය පළමු දිනයට නිමාකරන විට ඔහු ලකුණු 33ක් රැස්කරගෙන නොදැවී පිටියේ රැදි සිටන අතර සංගා මේ වන විට රැස්කරගෙන ඇති ටෙස්ට් ලකුණු ප්‍රමාණය 12028ක් වනවා.
ඒසේම සංගා ලකුණු 12000 සීමාව පසුකිරිම ගත කළේ තරග 130ක් වන අතර ඒ අනුව එම කඩඉම අවම තරග ප්‍රමාණයකින් පසුකළ ක්‍රීඩකයා වන්නේද සංගායි.