6 වැනි කඩුල්ල සඳහා කුමාර් සංගක්කාර හා දිනේෂ් චන්දිමාල් ගොඩනැංවූ ලකුණු 130ක සබඳතාව හේතුවෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 221කට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 356ක් රැස්කරනු ලැබීය.
ඒ අනුව නවසීලන්ත පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 135ක් ඉදිරියෙන් සිටිමින් අවසන් විය.
අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුමාර් සංගක්කාර මෙම තරගයේදී සිය ටෙස්ට් දිවයේ 11වැනි ද්විත්ව ශතකය වාර්තා කරනු ලැබීය.
ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී තරගය ආරම්භ කරනු ලැබුවේ ලකුණු 78ට කඩුලු 5ක් බිඳවැටී තිබියදීය. චන්දිමාල් හා එක්වූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 208 දක්වා රැගෙන ආවේය.
චන්දිමාල්ගේ දැවී යාමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුපෙළ පිතිකරුවන් සමග එක්වෙමින් සංගා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 356ක් දක්වා රැගෙන ආවේය.
දිනය නිමා කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩාකරන නවසීලන්ත කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 22ක් රැස්කරගෙන සිටියි.
ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ඔවුන් තවත් ලකුණු 113ක් පසුපසින් සටියි. හෙට තරගයේ සිවුවැනි දිනයයි.