ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි සුපිරිතම පිතිකරුවෙකු මෙන්ම වාර්තා පිට වාර්තා බිහිකළ ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර සිය එක්දින ක්‍රිකට් දිවියේ තවත් සුවිශේෂී කඩඉමක් පසුකිරිමට ඊයේ (30දා) සමත්විය. ඒ ලිස්ට් ඒ (List A - අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ එක්දින තරග හා දේශීය හෝ විදේශීය පළමු පෙළ කණ්ඩායම් නියෝජනය කරමින් සහභාගිවන පන්දුවාර 40ට වැඩි එක්දින තරග) තරග තුළදී ලකුණු 19000 සීමාව පසුකර යමිනි.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලිස්ට් ඒ තරග වලදී ලකුණු 19000 සීමාව පසුකරගෙන ගිය පළමු අවස්ථාව මෙය වන අතර ලෝකයේ එවැනි දක්ෂතාවක් දැක්වූ සිව්වැනි ක්‍රීඩකයා සංගක්කාර වෙයි.
සරේ කණ්ඩායම නියෝජනය කරමින් ඊයේ (30දා) ග්ලැමෝගන් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 81 ක් වාර්තා කිරීමට සංගා සමත්වූ අතර එහිදී ඔහු ලිස්ට් ඒ තරගවලදී රැස්කරගෙන තිබෙන සමස්ත ලකුණු සංඛ්‍යාව 19021ක් බවට පත්විය.
ලිස්ට් ඒ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩකයන්