2013 වසරේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පැවැත්වීමට නියමිත ක්‍රිකට් සම්මාන උලෙළේ වසරේ ජනතාවගේ ක්‍රීඩක සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරගේ නම නිර්දේශ වී නොමැත. නමුත් 2011 හා 2012 වසරන්හිදී පිට පිටම වසරේ එල්.ජී. ජනතාවගේ ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා කුමාර් සංගක්කාර සම්මාන ලබාගත්තේය.
මේ වසරේදී පැවැත්වීමට නියමිත සම්මාන උලෙළේදී වසරේ ජනතාවගේ ක්‍රීඩක සම්මානය සඳහා ඉන්දියාවේ විරාට් කෝලී, මහේන්ද්‍ර සිං දෝනි, දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩිවිලියස්, එංගලන්තයේ ඇලෙස්ටයාර් කුක්, ඔස්ට්‍රේලියාවේ මයිකල් ක්ලාක් නිර්දේශ වී ඇත. අවසන් සම්මාන රාත්‍රිය දෙසැම්බර් 13 වැනිදා පැවැත්වීමට නියමිතය.
වසරේ එල්.ජී. ක්‍රීඩකයා සඳහා වන ඡන්ද ප්‍රකාශ කිරීම පසුගිය දෙවැනිදා ආරම්භ වූ අතර, එය එළඹෙන 23 වැනිදා අවසන් වේ. www.lgiccawards.com යන වෙබ් අඩවියට පිවිස ක්‍රීඩකයන්ට ඔබගේ මනාපය ලබා දිය හැකිය. අනෙකුත් සම්මාන සඳහා නිර්දේශිත නාම නොවැම්බර් 11 වැනිදා ඉන්දියාවේදී ප්‍රකාශ කිරීමට නියමිතය.