ඉන්දියාවේ විසියන්ගරම්හි ඉන්දීය කාන්තා ක්රිකට් කණ්ඩායම සමග පැවැති පලමු 20-20 තරගය කඩුලු 03 කින් ජයගැනීමට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම අද (25දා) සමත් විය.
පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 03 ක් පමණක් දැවී ලකුණු 147 ක් රැස් කිරීමට සමත් විය. ඊට පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම අවසන් පන්දු වාරයේ පස්වැනි පන්දුවේදී කඩුලු 7 ක් පමණක් දැවී සිය ජයග්රාහී ඉලක්කය සපුරා ගැනීමට සමත් විය. තරග 03 කින් සමන්විත මෙම තරගාවලියේ 1-0 ක් ලෙස ශ්රී ලංකා කණ්ඩායම පෙරමුණේ සිටියි.
ඉන්දීය කන්ඩායම වෙනුවෙන් එම්. රාජ් (කන්ඩායම් නායිකාව) පන්දු 47 ක් තුලදී ලකුණු 67 ක් රැස් කිරීමට සමත් විය. හතරේ පහර 9 ක් සහ 6 පහර දෙකකින් එම ඉනිම වර්ණවත් විය.
ශ්රී ලංකා කන්ඩායම වෙනුවෙන් එම තරගයේදී ශෂිකලා සිරිවර්ධන (කන්ඩායම් නායිකාව) පන්දු 39 ක් තුළදී ලකුණු 52 ක් රැස් කිරීමට සමත් විය. හතරේ පහර 5 ක් සහ එක් 6 පහරකින් එම ඉනිම වර්ණවත් විය.
මංජු ප්රදීප්