ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා හා ධාවකයන්ගේ සංගමය (SLADA) සමග එක්ව 04 වැනි වරට සංවිධානය කළ සීගිරිය රැලික්‍රොස් - 2015 මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය පසුගිය ඉරිදා (02දා) සීගිරිය ගුවන් හමුදා ධාවන පථයේදී නිමාවට පත්විය.
යතුරු පැදි ඉසව් 11කින් හා මෝටර් රථ ධාවන ඉසව් 10කින් සමන්විත වූ මෙම තරගාවලියේ දක්ෂතම යතුරු පැදි ධාවකයා ලෙස ශෙහාන් සී. අධිකාරි සම්මාන දිනාගත් අතර, දක්ෂතම මෝටර් රථ රියදුරා ලෙස අශාන් සිල්වා සම්මාන දිනාගත්තේය.
ඊට අමතරව දක්ෂතම යතුරුපැදි කණ්ඩායම ලෙස ටී.වී.එස්. රේසිං (TVS RACING) සම්මාන දිනාගත් අතර, දක්ෂතම මෝටර්රථ කණ්ඩායම ලෙස ඊසි රේසිං (Ezy RACING) සම්මාන දිනාගත්තේය.
මෙම තරගාවලියෙන් ලැබෙන සියලු මුදල් ගුවන් හමුදා නිලධාරීන්ගේ සුබසාධනය වෙනුවෙනි.
ත්‍යාග හා සහතිකපත් ප්රදානය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතා සහභාගී විය. ඊට අමතරව ගුවන් හමුදා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමයේ සභාපති එයාර් කොමොඩෝර් ජේ.එස්.අයි. විජේමාන්න, ගුවන් හමුදා සීගිරිය කඳවුරේ අණදෙන නිලධාරී ග_ප් කැප්ටන් හර්ෂ ජයතිලක යන මහත්වරුද සහභාගී වූහ.
සමස්ත තරග ප්‍රතිඵල (ඉසව් 21)
1. අවුරුදු 16 පහළ 65cc UPTO 85cc (2T)
1. බිනුල කිතලගම 2. ආර්. බාබුජි 3. විනිෂ්ක සිල්වා
2. STD MOD STREET TRAIL OV. 100cc - 125 cc (2T)
1. නිහාල් විජේරත්න 2. මධුර පීරිස් 3. රනිල් සඳරුවන්
3. අවුරුදු 10 පහළ MC (JR) UPTO 50cc OV. 7
1. නිම්න අභිෂේක් 2. දෙමිත ජයවර්ධන 3. සසේක රත්නායක
4. MC BIKES OV. 100cc - 125cc (2T) FORCES
1. බුද්ධික සිල්වා 2 මිතුන් ජයසංක 3. කුෂාන් රංජිත් සිල්වා
5. STD CARS - FORD LASER/MAZDA 1300cc
1. උපුල්වන් සේරසිංහ 2. කුෂාන් පීරිස් 3. තාරුක රත්නායක
6. STD /MOD OV. 175cc -250cc (4T) OV.100cc - 125cc
1. ඉවෝන් බී. ගුරුසිංහ 2. ළහිරු ජීවන්ත 3. චාමර සඳරුවන්
7. GROUP SL-H CARS UP TO 1600cc - R1
1. සජාඩ් සුහාර් 2. උපුල්වන් සේරසිංහ 3. ලක්මාල් විජේරත්න
8. MC BIKES OV. 100cc UPTO 125cc (2T)
1. ඉශාන් දසනායක 2. බුද්ධික සිල්වා 3. මිතුන් ජයසේකර
9. අවුරුදු 16 පහළ SUBARU LEGACY 2200cc (2T)
1. මාලික කුරුවිටආරච්චි 2. ටිරෝන් හෙන්ඳවිතාරණ 3. ශිරාන් ධූල්
10. SL-GT-CARS UPTO 3500cc - R1
1. අශාන් සිල්වා 2. ඩිලාන් සෙනෙවිරත්න 3. පසිඳු පීරිස්
11. අවුරුදු 13 පහළ MC (TR) OV. 65cc - 85cc (2T)
1. කේසර ගොඩගේ 2. ඩී.එම්.ඩී. කල්හාර 3. ලකිඳු ගුණසේකර
12. OV 175cc -250cc (4T) & OV. 100cc - 125cc (2T) - R1
1. ශෙහාන් සී. අධිකාරි 2. ඉශාන් දසනායක 3. ජාක්ස් ගුණවර්ධන
13. GROUP SL-S CARS SPECIALS UP TO 1500cc
1. සජාඩ් සුහාර් 2. කුෂාන් පීරිස් 3. මිස්සක නවීන්
14. SM INC. 250cc -750cc (4T) & INC 125cc -500cc (2)
1. ඉමල් මංචනායක 2. සචිත්ර රාජකරුණා 3. ආනන්ද වීරසිංහ
15. STD/MOD MC OV.175cc -250cc (4T) & OV.100cc -(2)
1. ඉවෝන් බී. ගුරුසිංහ 2. ඩී.එම්.එස්. සඳරුවන් 3. ආර්.එම්. සෆ්රාස්
16. FORD LASER/MAZDA 1500cc
1. කුෂාන් පීරිස් 2. උපුල්වන් සේරසිංහ 3. චාමින්ද වීරසූරිය
17. SM INC. 250cc -750cc (4T) & INC 125cc -500cc (2)
1. සචිත්ර රාජකරුණා 2. ආනන්ද වීරසිංහ 3. ඉමල් මංචනායක
18. GROUP SL-H CARS UPTO 1600cc - R2
1. දමිත් වීරසිංහ 2. ලක්මාල් විජේරත්න 3. උපුල්වන් සේරසිංහ
19. GROUP T&J PETROL & AUTO OPEN
1. ඉශාක් වහබ් 2. බුද්ධික රුක්මන්ත 3. මංජුල වීරසිංහ
20. SL GT- CARS UPTO 3500cc -R2
1. අශාන් සිල්වා 2. ජනක ඩයස් 3. ටිරෝන් හෙන්ඳවිතාරණ
21. OV 175cc -250cc (4T) & OV. 100cc - 125cc (2T) - R2
1. ජාක්ස් ගුණවර්ධන 2. ශෙහාන් සී .අධිකාරි 3. කේ.පී. අරවින්ද්
ශෙහාන් සී අධිකාරී
අශාන් සිල්වා
ඡායාරූප - චානුක කුලසේකර