මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලිග් තරගාවලියේදී වාර්තා වූ දෙවැනි ශතකයට හිමිකම් කීමට කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායමේ විරේන්ද්‍ර ශෙවාග් සමත්වූයේය. ඒ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 58 කදි වේගවත් ලකුණු 122ක් රැස් කරමිනි.
දෙවැනි අවසන් පූර්ව තරගයේදි මුලින්ම පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායම සිය පන්දුවාර 20 තුළදී කඩුලු 6කට ලකුණු 226ක් රැස් කිරීමට සමත්විය.
ලකුණු 227ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය චෙන්නායි කණ්ඩායමට රැස්කර ගත හැකිවූයේ ලකුණු 202පමණි. ඉන්දීය ප්‍රිමියර් ලීග ඉතිහාසයේ දෙවැනි වේගවත්ම අර්ධ ශතකය වාර්තා කරමින් චෙන්නායි කණ්ඩායම තරගයට රැගෙන ඒමට සුරේෂ් රයිනා සමත්විය. රයිනා පන්දු 16කදී සිය අර්ධ ශතකය වාර්තා කළේය. එහෙත් එම ඉනිම තරගයේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවුණි.
තරගයේ ජයත් සමග පංජාබ් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.
පංජාබ් 226/6 (පන්දුවාර 20)
විරේන්ද්‍ර ශෙවාග් 122 (පන්දු 58 4x12, 6x8)
ඩේවිඩ් මිලර් 38 (පන්දු 19, 4x5, 6x1)
මනන් වොහාරා 34 (පන්දු 31, 4x1, 6x2)
අශිෂ් නෙහෙරා 2/51 (පන්දුවාර 4)
චෙන්නායි 202/7 (පන්දුවාර 20)
සුරේෂ් රයිනා 87 (පන්දු 25, 4x12, 6x6)
රවින්ද්‍ර ජඩේජා 27 (පන්දු 21, 4x1, 6x2)
මහේන්ද්‍ර සිං දෝනි 40* (පන්දු 31, 4x3, 6x3)
මිචෙල් ජොන්සන් 1/44 (පන්දුවාර 20)