පසුගිය වර ශූරයින් වූ මරදාන සහිරා විදුහල පරාජයට පත් කරමින් කොත්මලේ වයස 19 න් පහල පාපන්දු තරගාවලියේ ශූරයින් බවට පත් වීමට යාපනය ශාන්ත හෙන්රි විදුහල සමත් විය.
කොලඹ තුරඟ තරග පිටියේදී පැවති තරගාවලියේ අවසන් තරගය නිමා වූයේ ගෝල 3-1 ක් ලෙසින් ශාන්ත හෙන්රි විදුහලට ජය හිමි කර දෙමිනි.
තරගයේ පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකම දැඩි තරගකාරීත්වයකින් තරග කළ අතර ඒ අනුව පළමු අර්ධය නිමාවට පත් වූයේ දෙපිළම ගෝල 1-1 ක් බැගින් ලබා සම තත්වයේ සිටියදීය.
මේ අතර තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා පැවති තරගයෙන් කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල පරදා ගෝල 1-0 ක් ලෙසින් ජය ලැබීමට කළුතර සිරිකුරුස විදුහල සමත් විය.
ශ්රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය මෙවර දෙවැනි වරට පැවත්විණි.
තරගාවලියේ සිව්වැනි ස්ථානය දිනූ ශාන්ත සෙබස්තියන් විදුහල
තෙවැනි ස්ථානය දිනූ කළුතර සිරිකුරුස විදුහල
අනුශූරතාව දිනූ සහිරා විදුහල
තරගාවලිියේ දක්ෂතම දැල් රකින්නා
තරගාවලියේ දක්ෂතම ක්රීඩකයා
ජයග්රාහී යාපනය ශාන්ත මේරිි විදුහල
ඡායාරූප - ඉසුරු පෙරේරා