නාග්පූර්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරයේ දෙවැනි දිනයේදී ඉන්දීය කණ්ඩායමට වඩා බෙහෙවින් පසු පසින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ දසුන් ශානකට පන්දුවේ තත්ත්වය වෙනස් කිරීම යටතේ ලබාදුන් තීන්දු වරදි බවට තමන්ට හැගෙන්නේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ සඳහන් කරයි.
පන්දුවේ තත්ත්වය වෙනස් කිරීමේ චෝදනාව පළිගත් දසුන් ශානකට තරග ගාස්තුවෙන් 75%ක දඬයක් හා සෘණාත්මක ලකුණු තුනක් එක්කිරීමට තරග තීරක කටයුතු කළේය.
“ දසුන්ගේ සිදුවීම වැරදි තීන්දුවක් ලෙස හැඳින්විය හැකියි” යැයි ගුරුසිංහ තෙවැනි දිනයේ තරගය නිමාකිරීමෙන් පසුව ඉරිදා (නොවැම්බර් 26දා) 0පැවැසීය. “ඒක සිදුවුණේ එක් පන්දුවාරයකදීයි. කණ්ඩායමේ කිසිවෙකුත් ඒ ගැන දැනගෙන සිටියේ නෑ. එය සැලසුම් කර කළ දෙයක් නොවෙයි. ඔහු එහි පූර්ණ වකීම බාරගත්තා වගේම ඔහු ඉන්නේ බලවත් පසුතැවිල්ලෙන්.”
ඉන්දීය කණ්ඩායමේ පළමු ඉනිමේ 50 වැනි පන්දුවාරයේදී රූපවහිනී දත්තවලින් ශානක පන්දුව වෙනස් කිරීමට කටයුතු කරන ආකාරය රූපවාහිනී තිරය හරහා පෙන්වීය.
“දසුන් ශානක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ව්‍යවස්ථාවේ 2.2.9 වගන්තියේ සඳහන් ක්‍රීඩකයෙක්, ක්‍රීඩකයන්ට සහාය වන්නෙක් පන්දුවේ තත්ත්වය වෙනස් කිරීමේ 41.3 වරදට හසුව තිබෙනවා. ඔහුගේ දඩ මුදලට අමතරව දසුන්ගේ විනය ලකුණු වලට සෘණාත්ම ලකුණු 3ක්ද එක්වෙනවා. ” යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියල නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
“එයින් ඔහු ඉච්ඡාභංගත්වයට පත්වෙලා නෑ. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඔහුට කතා කළා. ඔහු මේ ක්‍රීඩා කළේ සිය තෙවැනි ටෙස්ට් තරගයටයි. අප තරග තීරක (ඩේවිඩ් බූන්) සමග සාකච්ඡා කළා. අපි හැම දෙයක්ම දැක්කා. හොඳම දේ තමයි දැන් තරගය හොඳ ලෙස ඉදිරියට පවත්වාගෙන යෑම”