කොළඹ සහිරා විදුහල ලකුණු 43 – 10 ක් ලෙස පරාජය කර මයිලෝ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අද (28) සමත්විය.
කොළඹ රාජකීය විදුහල් රග්බි ක්රීඩාංගණයේ පැවති මෙම තරගයේ (සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරගය) පළමු මිනිත්තු 20 අවසන් වනවිට ලකුණු 07 – 05ක් ලෙස සහිරා විදුහල පෙරමුණ ගත්තද, එය පළමු අර්ධය අවසන් වනතෙක් හෝ රඳවා ගැනීමට සහීරා ක්රීඩකයන්ට නොහැකි විය. ඒ අනුව පළමු අර්ධය අවසන් වනවිට ලකුණු 19 – 07 ක් ලෙස ශා. තෝමස් විදුහල ඉදිරියෙන් පසුවිය. මෙහිදී ශා. තෝමස් විදුහලේ නවීන් හේනකංකානම්ගේ හා දනුජ විජේරත්න උත්සාහක දිනුම් 3 බැගින් වාර්තා කීරීම විශේෂත්වයකි.
මෙම ක්රීඩාංගණයේම පෙරේදා (27දා) පැවති තරගාවලියේ තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයෙන් කොළඹ වෙස්ලි විදුහල පරාජය කර ලකුණු 29 – 21 ක් ලෙස ජය ලැබීමට සත්කාරක කොළඹ රාජකීය විදුහල සමත්විය.
ඒ අනුව කොළඹ ඉසිපතන, බම්බලපිටිය ශා. පීතර විදුහල සමගින් එළඹෙන 02 වැනදාත් කොළඹ රාජකීය, ගල්කිස්ස ශා. තෝමස් විදුහල් එළඹෙන 03 වැනිදාත් තරගාවලියේ අවසන් පූර්ව වටය වෙනුවෙන් තරග වැදීමට නියමිතය.
ශා. තෝමස් හා සහිරා අතර තරගය
ඡායාරූප - ඉසුරු පෙර්රා
කොළඹ රාජකීය හා බොරැල්ල වෙස්ලි විදුහල අතර තරගය
ඡායාරූප - ඒෂාන් ප්රනාන්දු