www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
ගල්කිස්ස ශා. තෝමස් විදුහල ලකුණු 33-10ක් ලෙස පරදමින් මෙවර අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය ආරම්භ කිරීමට මරදාන ශා. ජෝශප් විදුහල සමත් විය.
කොළඹ හැව්ලොක්ස් පිටියේදී පැවැති තරගයේ පළමු අර්ධයේදී ශා. තෝමස් ක්රීඩකයන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට ශා. ජෝශප් ක්රීඩකයන් සමත් වූ අතර ඒ අනුව ලකුණු 21-05ක් ලෙස ශා. ජෝශප් ක්රීඩකයන් ඉදිරියෙන් සිටිමින් පළමු අර්ධය නිමාවට පත් විය.
දෙවැනි අර්ධයේදී ශා. තෝමස් ක්රීඩකයන්ගෙන් යම් අභියෝගයක් එල්ල වුවද ඔවුන්ගේ දුර්වල පන්දු පාලනය හමුවේ ලකුණු ලබාගැනීමට තිබූ අවස්ථා කිහිපයක්ම ශා. තෝමස් කණ්ඩායමට අහිමි විය.
මෙම තරගය දෙවිදුහල් අතර වාර්ෂික %ජයතිලක ආර්යා අනුස්මරණ කුසලානය (Lady Jayathilaka Memorial Challenge Trophy) වෙනුවෙන් පැවැත් වූ අතර එය මෙම වසරේදීද තමන් සන්තකයට ගැනීමට ශා. ජෝශප් විදුහල සමත් විය.
ඡායාරූප- ඉසුරු පෙරේරා
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd