පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරග දෙකම පරාජය වුවත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ (01දා) එළිදැක්වූ නවතම විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම් ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් පෙරමුණේ පසුවෙයි. කෙසේ නමුත් ශ්‍රී ලංකාවට හිමිව තිබූ ප්‍රසාද ලකුණු සංඛ්‍යාවේ පැහැදිලි අඩුවක් සිදුව ඇත.
ඊයේ (01දා) තරගයට පෙර ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 130ක් හිමිව තිබූ අතර, එය මේ වනවිට 126 දක්වා අඩුවී ඇත. දෙරට අතර මෙම තරගාවලිය ආරම්භ වනවිට ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 135ක් හිමිව තිබූ අතර, ඒ වනවිට ශ්‍රේණිගත කිරීම්හි පස්වැනි ස්ථානයේ පසුව පාකිස්තාන කණ්ඩායමට හිමිව තිබුණේ ප්‍රසාද ලකුණු 114 ක් පමණි. ඒ අනුව ඔවුන්ගේ ප්‍රසාද ලකුණු 06ක් වැඩිවී 120 දක්වා ඉහළට පැමිණ ඇති අතර, ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු 09කින් අඩුවී 126 දක්වා පහළ බැස ඇත.
ඊයේ තරගය ජයගැනීමත් සමග පාකිස්තාන කණ්ඩායම පස්වැනි ස්ථානයේ සිට තෙවැනි ස්ථානය දක්වා පියවර දෙකක් ඉහළම පැමිණ ඇති අතර, ඒ හේතුවෙන් ඉන්දියාවට හා කොදෙව්වන්ට පිළිවෙළින් සිවුවැනි හා පස්වැනි ස්ථාන දක්වා පසුබැසීමට සිදුව ඇත.
නවතම විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම
1. ශ්‍රී ලංකාව (126), 2. ඔස්ට්‍රේලියාව (122), 3. පාකිස්තානය (120), 4. ඉන්දියාව (118), 5. බ.ඉ. කොදෙව් (117), 6. දකුණු අප්‍රිකාව (111), 7. නවසීලන්තය (107), 8. එංගලන්තය (103), 9. ඇෆ්ගනිස්තානය (77), 10. බංග්ලාදේශය (74)