පාකිස්තානු කණ්ඩායම පරාජය කර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු හතක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ආරම්භයේ සිට වර්ෂා සහිත කාලගුණය ගාල්ල ක්‍රීඩාංගණය වටකරගෙන සිටි අතර, පන්දු යවන්නන්ට අමතරව ශ්‍රී ලංකා පිතිකරුවන්ට වර්ෂාව සමගද සටනක නිරතවීමට සිදුවිය. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසානයේ තරගය ජයගත් අතර, අවසන් ලකුණ ලබාගෙන විනාඩියක් හෝ ගතවන්නට පෙර ක්‍රීඩාපිටිය වර්ෂාවෙන් වැසීගියේය.
පාකිස්තානු කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 99 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ 16.2 වැනි පන්දුවාරයේදී එම ඉලක්කය පසුකර යාමට සමත්විය. මහේල ජයවර්ධන සමගින් උපුල් තරංග ආරම්භ කළ ඉනිම ඇන්ජලෝ මැතිව්ස් හා කිත්රුවන් විතානගේ එක්ව අවසන් කළහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානු කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 451/10 ක් රැස්කිරීමට සමත්විය. එයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 533/9 ක් රැස්කර ඉනිම අත්හිටුවීය. ලකුණු 82 ක් පසුපසින් සිටිමින් නැවතත් දෙවැනි ඉනිම ඇරඹූ පාකිස්තාන කණ්ඩායමට සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 180 ක් පමණි. ඒ අනුව ඔවුන්ට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලබාගත හැකිවූයේ ලකුණු 98 ක් පමණි. සමස්ත පාකිස්තානු පිතිකරණ බලඇණිය සම්පූර්ණයෙන් මෙල්ල කළ රංගන හේරත් 48/6 ලෙස කඩුලු දවාලීය. එය හේරත්ගේ 19 වැනි කඩුලු පහ බැගීන් දවාලීම විය. තරගයේ වීරයා ලෙස රංගන හේරත් සම්මාන හිමිකරත්තේය.
මෙය මහේල ජයවර්ධන සිය ටෙස්ට් ක්‍රිකට් ජීවිතයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළ අවසන් තරගය වූ අතර, එළඹෙන 14 වැනිදා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා පිටියේදී ඇරඹෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසු ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට නියමිතය.
පාකිස්තානය පළමු ඉනිම 451/10 (පන්දුවාර 140.5)
යුනිස් ඛාන් 177 (පන්දු 331, 4x15, 6x1)
අසාද් ශෆීක් 75 (පන්දු 147, 4x8, 6x2)
සර්ෆාස් අහමඩ් 55 (පන්දු 71, 4x6)
අබ්දුර් රෙහමාන් 50 (පන්දු 71, 4x6)
ඩිල්රුවන් පෙරේරා 5/137 (පන්දුවාර 31.5)
රංගන හේරත් 3/116 (පන්දුවාර 38)
ධම්මික ප්‍රසාද් 2/81 (පන්දුවාර 24)
ශ්‍රී ලංකාව පළමු ඉනිම 533/9 (පන්දුවාර 163.1)
කුමාර් සංගක්කාර 221 (පන්දු 425, 4x24)
ඇන්ජලෝ මැතිව්ස් 91 (පන්දු 425, 4x24)
කෞෂාල් සිල්වා 64 (පන්දු 140, 4x11)
මහේල ජයවර්ධන 59 (පන්දු 112, 4x7)
සයීඩ් අජ්මාල් 5/166 (පන්දුවාර 59.1)
ජුනයිඩ් ඛාන් 2/104 (පන්දුවාර 33)
පාකිස්තානය දෙවැනි ඉනිම 180/10 (පන්දුවාර 80.2)
සර්ෆාස් අහමඩ් (නොදැවී) 52 (පන්දු 70, 4x5)
අසාර් අලි 41 (පන්දු 151, 4x4)
රංගන හේරත් 6/48 (පන්දුවාර 30.2)
දිල්රුවන් පෙරේරා 2/68 (පන්දුවාර 28)
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 99/3 (පන්දුවාර 16.2)
මහේල ජයවර්ධන 26 (පන්දු 35, 4x3)
අන්ජලෝ මැතිව්ස් (නොදැවී) 25 (පන්දු 13, 4x2, 6x2)
කුමාර් සංගක්කාර 21 (පන්දු 22, 4x3)
කිත්රුවන් විතානගේ (නොදැවී 11) (පන්දු 8, 4x1, 6x1)
ජුනයිඩ් ඛාන් 2/55 (පන්දුවාර 8)
මොහොමඩ් තල්හා 1/12 (පන්දුවාර 2.2)
ඡායාරූප ශාන්ත රත්නායක