(UPDATE) දෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගයෙල් ලකුණු 3ක තියුණු ජයක් ලැබීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත්විය. ලකුණු 182 ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකි වූයේ ලකුණු 179ක් පමණි. ධනුෂ්ක ගුණතිලක හා මිලින්ද සිරිවර්ධන වේගවත් ඉනිම් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ශක්තිමත් කළහ.
මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු හතරකට ලකුණු 182ක් රැස්කිරීමට සමත්වූයේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 183ක ඉලක්කයක් හිමිවිය.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ මවුන්ට් මොන්ගුනුයි පිටියේ පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් නවසීලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දෙමින් සිටියි.
නවසීලන්තයට වේගවත් ආරම්භයක් ලබාදීමට නායක කෙන් විලියම්සන් හා මාටින් ගප්තිල් සමත්වූහ. ඔවුහු පළමු කඩුල්ල සඳහා පන්දුවාර 10.5කදී ලකුණ 101ක සබඳතාවක් ගොඩනැගීමට සමත්වූහ.
කපුගෙදරගේ විශිෂ්ට පන්දු යොමුකිරීම හේතුවෙන් මාටින් ගප්තිල් මුලු ලකුණු සංඛ්‍යාව 101දී දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට හැකිවූ අතර ඒ වන විට ඔහු පන්දු 34කට ලකුණු 58ක් රැස්කර තිබුණි.