ඔස්ට්‍රේලියානු දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කරමින් අද (17දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරගයෙන් කඩුලු හතක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම සමත්විය.
මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමක් පන්දුවාර 40 තරග කාණ්ඩයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කළ පළමු ජයග්‍රහණය වෙයි.
ලකුණු 317ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ 32වැනි පන්දුවාරයේදී එම ඉලක්කය පසුකර යාමට සමත්විය. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ සමන් කුමාර නොදැවී ලකුණු 114ක් රැස්කිරීමට සමත්විය. ඔහුට අමතරව රුවන් ලසන්ත (59), නිහාල් දිනේෂ් (54), චන්දන කුමාර (46) පන්දුවට පහරදීමෙන් දක්ෂතා දැක්වූහ.
පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 40 අවසානයේදී ලකුණු 316/7 රැස්කිරීමට සමත්විය. ලින්සේ හෙවන් හා ජී. විල්සන් ලකුණු 90 බැගින් රැස් කරමින් ඉනිම ඔසවා තැබූ අතර, නායක මැතිව් මැක්කාට් ලකුණු 30 රැස්කිරිමට සමත්විය. පන්දු යැවීමෙන් නායක චන්දන කුමාර සූරියආරච්චි හා රදැල්ලගේ චමින්ද කඩුලු දෙක බැගින් දවාළූහ.
තරග පහකින් සමන්විත මෙම තරගාවලියේ දෙවැනි තරගය ලබන 19 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.