ශ්‍රී ලංකාව අවසන් තරගයට
ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ගේ ලෝක කුසලාන බලාපොරොත්තු නැවත වතාවක් මල්ඵල ගන්වමින් බංග්ලාදේශයේ මීර්පූර්හි ශෙරේ බංග්ලා ක්‍රීඩාංගණයේ අද (03දා) පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් වත්මන් ලෝක ශූර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 27කින් පරාජය කර පහසු ජයක් හිමි කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයකට සුදුකම් ලැබූ තෙවැනි අවස්ථාව මෙයවේ.
ලකුණු 161 ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට 13.5 වැනි පන්දුවාරයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට රැස්කරගත හැකිවූයේ ලකුණු 80 ක් පමණි. ඒවන විට ඔවුන් රැස්කරගෙන තිබිය යුතුව තිබූ ලකුණු සංඛ්‍යාව ලකුණු 107කි.
13 වැනි පන්දුවාරයේ පස්වැනි පන්දුවේදී ඇඳහැළුණු වර්ෂාව හේතුවෙන් ඉන් දිරියට තරගය පැවැත්වීමට නොහැකිවූ අතර, එම වර්ෂාව අයිස් කැට වර්ෂාවක් වූයෙන් ලෝක කුසලාන බලාපොරොත්තුව කොදෙව්වන්ගෙන් ඈත්ව ගියේය.
කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර පන්දුවාර 20 අවසානයේ ලකුණු 160/6 ක් රැස්කිරීමට සමත්විය.
අවසන් පන්දුවාර කිහිපයේදී ප්‍රවේගකාරී ඉනිමක් ගොඩනගමින් ලකුණු පුවරුව 160 දක්වා රැගෙන මැතිව්ස් ලකුණු 40 රැස්කිරීමට සමත්විය. පන්දු 23කදී ගොඩනැගුණු මැතිව්ස්ගේ එම අගනා ඉනිම හේතුවෙන් ඔහු තරගයේ වීරයා ලෙස සම්මානය ලැබුවේය.
ලසිත් මාලිංග විසින් මෙම තරගය මෙහෙයවූ අතර, පසුගිය තරග කිහිපයේදී ලකුණු අතරට ඒමට නොහැකිවූ බැවින් දිනෙෂ් චන්දිමාල් මෙම තරගයට ක්‍රීඩා නොකළේය.
ශ්‍රී ලංකාව 160/6 (පන්දුවාර 20)
කුසල් ජනිත් 26 (පන්දු 26, 4x2, 6x2)
තිලකරත්න ඩිල්ෂාන් 39 (පන්දු 39, 4x2, 6x1)
මහේල ජයවර්ධන 0 (පන්දු 0)
කුමාර් සංගක්කාර 1 (පන්දු 6)
ළහිරු තිරිමාන්න 44 (පන්දු 35, 4x3, 6x 2)
ඇන්ජලෝ මැතිව්ස් 40 (පන්දු 23, 4x3, 6x 2)
සීක්කුගේ ප්‍රසන්න 6* (පන්දු 5)
බ.ඉ. කොදෙව් පන්දු යැවීම
සැමුවෙල් බද්රි 23/1 (පන්දුවාර 4)
ක්රිෂ්මර් සැන්ටෝකී 46/2 (පන්දුවාර 4)
ඇන්ඩ්‍රි රසෙල් 37/1 (පන්දුවාර 3)
කඩුලු වැටීම
41/1 (කුසල්, පන්දුවාර 3.6), 41/2 (ජයවර්ධන, 4.2), 49/3 (සංගක්කාර, 6.2), 91/4 (ඩිල්ශාන්, 13.3), 121/5 (තිරිමාන්න, 16.6), 160/6 (මැතිව්ස්, 19.6)
බ.ඉ. කොදෙව් 80/4 (පන්දුවාර 13.5)
ඩ්වෙන් ස්මිත් 17 (පන්දු 14, 4x1, 6x 1)
ක්‍රිස් ගේල් 3 (පන්දු 13)
ලෙන්ඩ්ල් සිමන්ස් 4 (පන්දු 8)
මාලන් සැමුවෙල්ස් 18 (පන්දු 29, 4x1)
ඩ්වෙන් බ්රාවෝ 30 (පන්දු 19, 4x4, 6x 1)
ශ්‍රී ලංකාව පන්දු යැවීම
නුවන් කුලසේකර 22/1 (පන්දුවාර 2.5)
සචිත්ර සේනානායක 2/0 (පන්දුවාර 2)
ලසිත් මාලිංග 5/2 (පන්දුවාර 2)
සීක්කුගේ ප්‍රසන්න 15/1 (පන්දුවාර 2)
කඩුලු වැටීම
25/1 (ගේල්,පන්දුවාර 4.1),28/2 (ස්මිත්, 4.5), 34/3 (සිමන්ස්, 7.1)77/4 (බ්රාවෝ, 13.2)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

