(UPDATE) ශ්රී ලංකාව හා බංග්ලාදේශය අතර මීර්පූර්හි දැන් පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 8ට ලකුණු 240 රැස් කළේය.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 241 ඉලක්කයක් හිමි විය. බංග්ලාදේශය වෙනුවෙන් මොනිමුල් හක් අර්ධ ශතකයක් රැස් කළේය.
පන්දු යැවීමෙන් ධම්මික ප්රසාද් කඩුලු තුනක් බිඳ හෙළීය.
------------------------------------------------------------------------------------------------------
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර මීර්පූර්හි පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්රී ලංකා නායකයා මුලින්ම පන්දුවට පහරදීම තෝරාගත්තේය.
වසර 15කට පසුව ශ්රී ලංකා කණ්ඩායම අද ඩිල්ෂාන්, සංගා හා මහේල නැතිව මෙම එක්දින තරගයට ක්රීඩා කරයි. එසේම ලසිත් මාලිංගද කණ්ඩායමේ නොමැති හෙයින් අද තරගයට ක්රීඩා කරන ධම්මික ප්රසාද් හැරෙන්නට සෙසු සියළුම ක්රීඩකයන් අවුරුදු 30ට වඩා අඩු ක්රීඩකයෝද වෙති.
ශ්රී ලංකා කණ්ඩායම
කුසල් පෙරේරා, ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්,අශාන් ප්රියන්ජන්, කිත්රුවන් විතානගේ, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, ඇන්ජලෝ පෙරේරා, සචිත්ර සේනානායක, ධම්මික ප්රසාද්, සුරංග ලක්මාල්