කෞෂාල් සිල්වාගේ දක්ෂ පිතිහරඹය මත ගොඩනැගුණ ශ්රී ලංකා ඉනිම හේතුවෙන් දෙවැනි දිනට ඊයේ (28 දා) තරගය නතර කරන විට ශ්රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 143 ඉදිරියෙන් සිටියි. තරගයේ බංග්ලාදේශයේ මීර්පූර්හිදී පැවැත්වේ.
දිනය නිමා කරන විට ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් බිඳවැටී ලකුණු 375 රුස්කරගෙන සිටියි. නොදැවී කඩුල්ලේ රුඳී සිටින මහේල ජයවර්ධන ලකුණු 42 රුස්කරගෙන සිටියි.
ශ්රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 232කට සීමා කිරීමට ශ්රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.
බංග්ලාදේශය පළමු ඉනිම 232/10 (පන්දුවාර 63.5)
මුෂ්ෆිකර් රහීම් 61 (පන්දු 122, 4x9)
ශකීබ් අල් හසන් 55 (පන්දු 91, 4x9)
සොහැග් ගාසි 42 (පන්දු 56, 4x6, 6x1)
සම්සුර් රෙහමාන් 33 (පන්දු 34, 4x7)
මොමිනුල් හක් 8 (පන්දු 16, 4x2)
තමිම් ඉක්බාල් 6 (පන්දු 28, 4x1)
ශ්රී ලංකාව පන්දු යැවීම
ශමින්ද එරංග 49/4 (පන්දුවාර 17.4)
සුරංග ලක්මාල් 66/3 (පන්දුවාර 18.1)
රංගන හේරත් 50/2 (පන්දුවාර 11)
ඇන්ජලෝ මැතිව්ස් 18/1 (පන්දුවාර 6)
ශ්රී ලංකාව පළමු ඉනිම 375/5 (පන්දුවාර 108.2)
කෞෂාල් සිල්වා 139 (පන්දු 244, 4x16, 6x2)
කුමාර් සංගක්කාර 75 (පන්දු 182, 4x9)
දිමුත් කරුණාරත්න 53 (පන්දු 113, 4x6)
මහේල ජයවර්ධන නොදැවී 42 (පන්දු 60, 4x5, 6x1)
දිනේෂ් චන්දිමාල් 40 (පන්දු 51, 4x2, 6x2)
බංග්ලාදේශය පන්දු යැවීම
ශකීබ් අල් හසන් 94/3 (පන්දුවාර 27)
සොහැග් ගාසි 44/1 (පන්දුවාර 16.2)
අල් අමින් හුසේන් 87/1 (පන්දුවාර 25)