සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්තාකාරක ඉන්දීය කණ්ඩායම අතර නාග්පූර්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාවන විට දෙවැනි ඉනිම ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 21ක් රැස්කරගෙන සිටිය. ඉෂාන්ත් ශර්මාගේ පන්දුවක් හමුවේ සදීර සමරවික්රම ලකුණු නොලබා දැවී ගියේය.
ශ්රී ලංකාව පළමු ඉනිමට ලකුණු 205ක් රැස්කළ අතර ඉන්දියාව සිය පළමු ඉනිමට ලකුණු 610/6ක් රැස්කරමින් ඉනිම අත්හිටුවීය. ඒ අනුව ලකුණු 405ක් පසුපසින් ශ්රී ලංකාව දෙවැනි ඉනිම ආරම්භ කළේය.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම තවත් කඩුලු 9ක් අතැතිව තිබියදී ලකුණු 384ක් පසුපසින් සිටියි. හෙට තරගයේ සිවුවැනි දිනය වන අතර හෙට දිනයේදී තරගයේ ප්රථිඵලය ලැබීමට අවස්ථාවක් තිබේ.