සංචාරක පාකිස්තාන කණ්ඩායම හා පැවැති එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීම හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි තෙවැනිස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිව තිබේ.
තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම්හි සිවුවැනි ස්ථානයේ පසුවූ අතර ඊයේ (31දා) නිකුත් කළ නවතම කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව මෙසේ ඉදිරියට පැමිණ තිබේ.
කෙසේ වෙතත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම (04), පන්දුවාර විස්සයි20 ශ්‍රේණිගත කිරීම (02) හි වෙනසක් සිදුව නොමැත.
එක්දින පිතිකරණ ලැයිස්තුවේ සංගක්කාර පස්වැනි ස්ථානයේද, ඩිල්ෂාන් හත්වැනි ස්ථානයේද පසුවෙයි. ඩිල්ෂාන් එක්දින තුන්ඉරියව් ක්‍රීඩකයන් අතර හයවැනි ස්ථානයේ පසුවෙයි.