දෙවැනි තරගයෙන් චන්දිමාල් ඉවතට
ශ්‍රී ලංකාව හා පාකිස්තාන අතර සූරියවැවදී දැන් ආරම්භ වූ දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
පසුගිය තරගයට ක්‍රීඩාකළ දිනේෂ් චන්දිමාල්ට අද තරගය අහිමි වී ඇති අතර, ඒ වෙනුවට සීක්කුගේ ප්‍රසන්න කණ්ඩායමට කැඳවා ඇත. ඊට අමතරව පාකිස්තාන කණ්ඩායමේද එක් වෙනස් කිරීමක් සිදුකර ඇති අතර, පෞද්ගලික හේතුවක් මත මෙම තරගාවලියෙන් ඉවත්වූ යුනිස් ඛාන් වෙනුවට සාර්ජිල් ඛාන් කැඳවා ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම
උපුල් තරංග, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්, අශාන් ප්‍රියන්ජන්, තිසර පෙරේරා, සීක්කුගේ ප්‍රසන්න, නුවන් කුලසේකර, රංගන හේරත්, ලසිත් මාලිංග
පාකිස්තාන කණ්ඩායම
සාර්ජිල් ඛාන්, අහමඩ් ශෙෂාඩ්, මොහොමඩ් හෆීස්, උමාර් අක්මල්, මිස්බා උල් හක්, ෆවඩ් අලාම්, ෂොහයිබ් මක්සූඩ්, ෂහිඩ් අෆ්රිඩි, වහාබ් රියාස්, ජුනයිඩ් ඛාන්, මොහොමඩ් ඉර්ෆාන්