ශ්රී ලංකාව හා පාකිස්තානය අතර ඩුබායිහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට පළමු ඉනිම ක්රීඩා කරමින් සිටි ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 318 ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම පාකිස්තානු පළමු ඉනිමට වඩා ලකුණු 153 ක් ඉදිරියෙන් සිටියි.
නොදැවී කඩුල්ලේ රැඳීසිටින මහේල ජයවර්ධන ලකුණු 106 ක් හා නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 42 ක් රැස්කරගෙන සිටිති. මහේල අද (09) රැස්කරනු ලැබුවේ සිය 32 වැනි ටෙස්ට් ශතකයයි.
කුමාර් සංගක්කාර අද උදෑසනම ලකුණු 26 ක් රැස්කරගෙන සිටියදී දැවී ගිය අතර, දිනේෂ් චන්දිමාල් ලකුණු 12කට දැවී ගියේය. සිය කුළුඳුල් ශතකය අබියස සිටි කෞෂාල් ලකුණු 95 ක් රැස්කරගෙන සිටියදී මොහොමඩ් හෆීස්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව ඉතා අවසනාවන්ත ලෙස දැවී ගියේය.
පාකිස්තානු පළමු ඉනිම 165/10 (පන්දුවාර 63.5)
කුරාම් මන්සූර් 73 (පන්දු 136, 4x7, 6x1)
බිලාවල් බහට්ටි (නොදැවී) 24 (පන්දු 49, 4x3, 6x1)
මොහොමඩ් හෆීස් 21 (පන්දු 59, 4x4)
යුනිස් ඛාන් 13 (පන්දු 29, 4x1)
ශ්රී ලංකාව පන්දු යැවීම
නුවන් ප්රදීප් 62/3 (පන්දුවාර 18)
රංගන හේරත් 26/3 (පන්දුවාර 10.5)
ශමින්ද එරංග 25/2 (පන්දුවාර 14)
සුරංග ලක්මාල් 45/2 (පන්දුවාර 21)
ශ්රී ලංකාව පළමු ඉනිම 318/4 (පන්දුවාර 106)
මහේල ජයවර්ධන (නොදැවී) 106 (පන්දු 230, 4x12)
ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී) 42 (පන්දු 84, 4x5)
කෞෂාල් සිල්වා 95 (පන්දු 221, 4x10)
දිමුත් කරැණාරත්න 32 (පන්දු 43, 4x7)
කුමාර් සංගක්කාර 26 (පන්දු 36, 4x4)
පාකිස්තානය පන්දු යැවීම
ජුනයිඩ් ඛාන් 75/2 (පන්දුවාර 26)
රහට් අලි 109/1 (පන්දුවාර 26)
මොහොමඩ් හෆීස් 11/1 (පන්දුවාර 6)