සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුනු අප්රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය.
කේප්ටවුන්හි නිව්ලෑන්ඩ්ස් පිටියේදී තරගය පැවැත්වීමට නියමිත අතර එම පිටියද වේග පන්දු යවන්නනට වඩාත් හිතකර වෙයි. තණ තීරුව කොළ පැහැයට හුරුය.
පළමු තරගයට ක්රීඩා කළ කුසල් පෙරේරාට හා දුෂ්මන්ත චමීරට කණ්ඩායමේ ස්ථානය අහිමිවී ඇත ඒ වෙනුවට උපුල් තරංග හා ළහිරු කුමාර කණ්ඩායමට කැඳවා ඇත.