දකුණු ආසියානු පැසිපන්දු සංගමය ප්‍රථම වරට සංවිධානය කළ දකුණු ආසියානු 3X3 පැසිපන්දු තරගාවලියේ රිදී පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. තරගාවලිය බංග්ලාදේශයේ ඩකාහිදී ඊයේ (16දා) රාත්‍රියේ අවසන්විය.
ලීග් ක්‍රමයට පැවැති මෙම තරගාලියේ මුහුණදුන් තරග සියල්ල ජයගත් සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමට එහි රන් පදක්කම හිමිවිය. නේපාල කණ්ඩායම තෙවැනි ස්ථානය හිමිකරගත් අතර, සිවුවැනි හා පස්වැනි ස්ථානය පිළිවෙළින් මාලදිවයිනට හා භූතානයට හිමිවිය.
තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණුදුන් පළමු තරගයෙන් නේපාල කණ්ඩායම (17-15) පරාජය කළ අතර, දෙවැනි තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම හමුවේ (20-09) පරාජය වීමට සිදුවිය. තුන් වැනි තරගයෙන් භූතාන කණ්ඩායම (21-04) පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම, මුහුණදුන් අවසන් තරගයෙන් මාලදිවයින් කණ්ඩායම (21-07) පරාජය කිරීමට සමත්විය.
රන් හා රිදී පදක්කම් හිමිකරගත් ශ්‍රී ලංකා හා බංග්ලාදේශ කණ්ඩායම් ලෝක ශූරතා පැසිපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටයට සුදුසුකම් ලැබීය.
මෙම තරගාවලියට පාකිස්තානය, ඉන්දියාව හා ඇෆ්ගනිස්තානය සහභාගි නොවීය. අත්දැකීම් බහුල කී‍්‍රඩකයෙකු වන රොෂාන් රන්දිම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අතර, මිතිල අබේසේකර, සුදේශ් අහමඩ්, සමීර චානක කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ වූහ. ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (18දා) දිවයිනට පැමිණීමට නියමිතය.