අන්තර්ජාතික බැඩ්මින්ටන් සංගමය විසින් ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් සංගමය තහනම් කිරීමට ගත් පියවර අසාධාරණ බවත්, අගතිගාමී බවත් ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරයි.
ජාත්‍යන්තර බැඩ්මින්ටන් සංගමය ගත් තීරණයට කරුණු දැක්වීමටවත් ඔවුන් අවස්ථාවක් නොදුන් බව සංගමය සඳහන් කරයි. එසේම ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය පිළිබඳව සොයාබැලීම සඳහා කිසියම්වූ පුද්ගලයෙක් ජාත්‍යන්තර බැඩිම්න්ටන් සංගමය විසින් අනියුක්ත කර ඇති බව අමාත්‍යාංශය නොදැනුවත් බවත් ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මෙම ගැටලුව ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය හමුවට ගෙන යාමට බලාපොරොත්තුවෙන බවත් ක්‍රීඩා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.