සත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු දෙකකින් පරාජයට පත්කරමින් නිදහස් කුසලාන විස්සයි20 තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. ඒ ශ්‍රි ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 160ක ඉලක්කය පන්දුවාර 19.5කදී කඩුලු 8ක් වැය කර පසුකර යෑමට බංග්ලාදේශ පිතිකරුවන් සමත්වීමත් සමගිනි.
අවසන් පන්දුවාරයේදී ඔවුන්ට ලකුණු 12ක් අවශ්‍යව තිබූ අතර එම ලකුණු 12 රැස්කිරීමට මහමදුල්ලා සමත්විය. ඒ අනුව ඉන්දීය කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර අවසන් මහ තරගය අනිද්දා (18දා) පැවැත්වීමට නියිමතය.
ඡායාරූපය ශාන්ත රත්නායක