ශ්‍රී ලංකාව පාකිස්තානයට යන්න බෑ කියයි
පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පාකිස්තානයේ පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි20 තරගාවලියට එක්වීමට නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා ඇති බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
මීට දින කිහිපයකට පෙරාතුව පාකිස්තානයේ ලාහෝර් නුවරට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් සමග ශ්‍රී ලංකාව පාකිස්තනයේ පැවැත්වීමට නියමිතව විස්සයි20 තරගයට එක්වීමට නොහැකි බව ප්‍රකාශ කර ඇත.
පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර එක්දින, ටෙස්ට් හා විස්සයි20 තරගාවලියක් මේ වසර අවසානයේදී පැවැත්විමට දෙරටේ අවධානය යොමුව තිබේ. එහිදී ටෙස්ට් හා එක්දින තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළත් විස්සයි20 තරග පාකිස්තානය තුළත් පැවැත්වීමට පාකිස්තානය අවධානය යොමුකර තිබුණි.
“ ශ්‍රී ලංකාව එය ප්‍රතික්ෂේප කළාම මම තරමක් වික්ෂිප්ත වුණා. ලෝකයේ ඕනෑම තැනක ත්‍රස්ත ප්‍රහාර සිදුවෙනවා. නමුත් ක්‍රිඩාව ඉදිරියට යනවා. ආරක්ෂාව නිසා පාකිස්තානය ඉවත දැමීම අසාධාරණ කරුණක්. ”
2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ තරග සංචාරයක නිරතවෙනවිට ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වූ අතර එතැන් පටන් කිසිඳු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධාන කණ්ඩායමක් පාකිස්තානයේ පූර්ණ ක්‍රිකට් තරගාවලියකට එක් නොවුණි.
ඉන්දීය මාධ්‍ය ඇසුරෙනි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

