“ටෙස්ට් තරගයක් ජයගැනිමට දින පහක් ගත වුවත් එක් සැසියකින් එය පරාජය විය හැකිය.” මෙම කියමන ඉන්දියාවට වඩාත් වැදගත් වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 45.4කචී කඩුලු 4ට ලකුණු 165ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව ඉන්දීය පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම පසුපසින් සිටින්නේ තවත් ලකුණු 7ක් පමණි. තරගය අයපහත් ආලෝකය හේතුවෙන් තෙවැනි දිනයට අත්හැර දැමිණ.
සිය 28 වැනි උපන්දිනය දිනයේ ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 13ක් හා නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 14ක් රැස්කරමින් කොල්කටා ඊඩ්න් ගාඩ්න්ස් පිටියේ පැවැත්වෙන තරගය තෙවැනි දිනයට සෙනසුරාදා (නොවැම්බර් 18 දා) නිම කළේය.
පළමු දින දෙකේදී ක්‍රීඩා කිරීමට හැකිවූයේ න්දුවා 32.5කි. එය සමස්ථයක් වශයෙන් ගත් විට සැසියකට සමානය නමුත් මේ කාලයේදී ඉන්දියාවට කඩුලු පහක් අහිමිවිය. තෙවැනි දිනයේදී පමණක් පන්දුවාර 72.2ක් යොමුකළේය. දෙවැනි දිනයේදී කණ්ඩායම් දෙකෙන්ම කැපී පෙනෙන දක්ෂතාවක් නොපුණෙනු නමුත් පළමු දින දෙකේදී ශ්‍රි ලංකා කණ්ඩායම ගත් වාසිය තෙවැනි දිනයේදී ඔවුන්ට උපකාරයක් විය. ඉදිරි දින දෙකේදී කාලගුණය යහපත් වුවහොත් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට ඉන්දීයාවේදී ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කිරීමට අවස්ථාව ලබාගත හැකිය.
තෙවැනි දිනයේ දිවා ආහාරය වන විට ඉන්දියාව ලකුණු 172කට දැවි ගියේය. ශ්‍රී ලංකාව සිය පිළිතුරු ඉනිම තරමක ගැටලුකාරී තත්ත්වයකින් ආරම්භ කළේය. භුවනේෂ්වර් කුමාර් ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරුවන් වූ දිමුත් කරුණාරත්න හා සදීර සමරවික්‍රම දවා ගැනීම සමත්විය. සදීර ලකුණු 23ක් රැස්කළද කඩුලු දෙක දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 34/2ක් ලෙස දිස්විය. නමුත් ළහිරු තිරිමාන්න හා ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායම මනාව ආරක්ෂා කළේය.
ඔවුන්ගේ සබඳතාව හමුවේ පන්දුවාර 14ක් යොමුකළ මොහොමඩ් සාමිට පිටියෙන් ඉවත්වීමට සිදුවූයේ ඔහු කළවයේ ආබාධයකට පත්වීම හේතුවෙනි.
මැතිව්ස්ට හා ළහිරුට හදිස්සියක් නොතිබුණි. නමුත් ඔවුන් දුර්වල පන්දු වලට ලකුණු රැස්කළේය. තිරිමාන්න ලකුණු 27දී අපහසු උඩපන්දුවක් ශිකර් දවාන් වෙත ලබාදුන්නත් එයින් ඔහු ආරක්ෂාවිය. ඒ උමේෂ් යාදව්ගේ පන්දුවක් හමුවේය. එම සිදුවීම හැරෙන්නට ඔවුන් දෙදෙනා හොඳින්ම පන්දුවට පහර දුන්නේය.
විකට්ටුව තවමත් සජීවිය. නිල් අහස යටතේ මෙම විකට්ටුවේ හොඳින්ම පන්දුවට පහරදමට අවස්ථාව තිබුණි. පිතිකරුවන් දෙදෙනාම එම අවස්ථාව හොඳින් ප්‍රයෝජනයට ග්තේය. ඔවුන්ට යොමුකළ ඇතැම් පන්දු පිත්තේ ගෑවී නොගෑවී ගියත්. ඉන් පසුව එය කළ මණාකරණය කරන ගැනීමට පිතකරුවෝ සමත්වූහ.
මැතිව්ස්ගේ පිත්තේ දාරයේ වැදුණ පන්දුවක් තෙවැනි ස්ලිප් ක්‍රීඩකයා යොදවා සිටියානම් රැක ගැනිමට එක් අවස්ථාවක් තිබුණු. දෙවැනි ස්ලිප් ලෙස පන්දු රකිමින් සිටි විරාත් කෝලි හා ගලී හි පන්දු රකිමින් සිටි අජින්ගේ රහානේට සිදුවූයේ පන්දුව ලෙස බලා සිටීමට පමණි. මැතිව්ස් (52), තිරිමාන්න (51) අර්ධ ශතක රැස්කරමින් මුලින් කඩුලු බිඳ වැටීම හරහා ශ්‍රී ලංකාව මුහුණ දුන් අවධානයෙන් බේරා ගත්ය. ඔවුහු තෙවැනි කඩුල්ලට ලකුණු 99ක සබඳතාවක් පැවැත්වීය. උමේෂ් ක්‍රියාත්මක වෙමින් ඉන්දියාවට අවශ්‍ය කඩුලු දෙක දවාගත්තේය. ශ්‍රී ලංකාවේ කඩුලු 4 ලකුණු 138ක් තුළ බිද වැටුණේ ඉන්දියාවට දොර විවෘත කරමිනි.
නමුත් චන්දිමාල් හා දික්වැල්ල ඉන්දියාව දෙසට ඇරුණු දොර වසා දැම්මේය. ඔවුන් දෙදෙනාගේ ඉදිරි ක්‍රියාව මෙම තරගයේ ප්‍රතිඵලය තීරණය වීමට බලවත් සාධකයක් වෙනු ඇත.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැක්වූ සහයෝගය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් හොඳ තත්ත්වය පසුවෙයි. සුරංග ලක්මාල් (4/26) එහි නායකයා විය. ඕෆ් කටර් පන්දුවකින් ඉන්දීය ඉනිමේ තීරණාත්මක කඩුල්ල වූ පුජාරා දවා ගැනීමට ළහිරු ගමගේ සමත්විය. පිටියේ තත්ත්වයන්ට අනුගත වූ පුජාරා ලකුණු 52ක් රැස්කළේ ඉන්දියාවට ලකුණු 200 සීමාවට පැමිණිමට අවශ්‍ය මාර්ගය හෙළිකරමිනි.
නමුත් ඉන්දියාව ලකුණු 79ට කඩුලු 6ක් දැවී ගිය විට ඒ සියලු බලාපොරොත්තු ව්‍යවර්ථ වෙන අයුරු පෙනුණි. රිද්දිමාන් සහා (29) හා රවීන්ද්‍ර ජඩේජා (22) අතර හත්වැනි කඩුල්ලට වාර්තා වූ ලකුණු 48ක සබඳතාව ඉන්දීය ඉනිමේ ඉහළම සබඳතාව වෙයි. ඔවුන් දෙදෙනාම ඩිල්රුවන්ගේ පන්දුවක් හමුවේ දැවී ගියහ.
තරගයේ 53 වැනි පන්දුවාරයේදී තරමක විවාදාත්මක සිදුවීමක් සිදුවිය. ඒ වන විට භුවනේෂ්වර් හා ෂාමි පන්දුවට පහර දෙමින් සිටි අතර පන්දු යැව්වේ දසුන් ශානකය. මෙහිදී භුවනේෂ්වර් කලබලට පත්කිරිම සඳහා ශ්‍රී ලංකා නායකයා නියමිත ආකාරයට පන්දු රැක ගැනීමෙන් තොරව රැවටිලිකාරී අයුරුන් පන්දුව යොමුකරන අයුරු රඟ පෑවේය. කෙසේ වෙතත් ක්‍රිකට් නව නීති අනුව ‘අසත්‍ය පන්දු රැකීම’ යන චෝදනා යටතේ මේ හරහා ඉන්දීය කණ්ඩායමට ලකුණු 5ක් ලබාදීමට නියමිතව තිබුණත් විනිසුරන්ට එම අවස්ථාව මග හැරිණි.
ඉන්දීය ඉනිමේ 9 වැනි කඩුල්ල දවා ගැනිමට ලක්මාල් සමත්විය. එය ඔහුගේ සිවුවැනි විකට්ටුව විය. එවිට ඉන්දීය ඉනිම ලකුණු 146/9ක් ලෙස දිස්විය. නමුත් ශාමි හා උමේෂ් ප්‍රෙක්ෂකයන්ට තරමක වින්දයක් ලබාදෙන අයුරින් එහිදී පන්දුවට පහර දුන්නේය. ඔවුන් දෙදෙනා අවසන් කඩුල්ලට ලකුණු 26ක සබඳතාවක් පැවැත්වූයෙ පන්දුවාර 3.1කදීය.
නමුත් දිනය අවසානයේදී වැඩියෙන්ම සතුටුවීමට අවස්ථාව ඇත්තේ ශ්‍රී ලංකාවටය.