ශ්රී ලංකාව 109 මියන්මාරය 11
ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම අද (09දා) මුහුණ දුන් දෙවැනි තරගයෙන් මියන්මාරය පරාජය කර ලකුණු 109 – 11 ලෙස දැවැන්ත ජයක් ලැබීමට සමත් විය. තරගයේ පළමු අර්ධය අවසන් වනවිට ලකුණු 45–06 ක් ලෙස ශ්රී ලංකාව ඉදිරියෙන් සිටියේය.
නව වැනි ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලිය ආරම්භ කරමින් ශ්රී ලංකා කණ්ඩායම පෙරේදා (07දා) මුහුණදුන් පළමු තරගයෙන් චීන තායිපේ කණ්ඩායම පරාජය කර ලකුණු 57-36 ක් ලෙස පහසු ජයක් ලැබීමට සමත් විය.
ශ්රී ලංකා කණ්ඩායම මුහුණුදෙන තෙවැනි තරගය හෙට (10දා) බෘනායි සමග පැවැත්වෙයි.
ඡායාරූප සංගප්පූරු දැල්පන්දු ෆෙඩරේෂනයේ අනුග්රහයෙනි