සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්රිකා කණ්ඩායම අත දකුණු අප්රිකාවේ පැවැත්වෙන තෙවැනි හා අවසන් ක්රිකට් තරගයේ සිය පළමු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණඩායම ලකුණු 131ට දැවී ගියේය. දකුණු අප්රිකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 426ක් රැස්කළේය.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම දකුණු අප්රිකානු කණ්ඩායමට වඩා ලකුණු 295ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කරනු ලැබීය. සිය දෙවැනි ඉනිම ක්රීඩා කරමින් සිටින ශ්රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලකට ලකුණු 5ක් රැස්කරගෙන සිටියි. අද තරගයේ තෙවැනි දිනයයි.