චීනය 3-0 ශ්රී ලංකාව
10 වැනි ආසියානු යොවුන් වොලිබෝල් තරගාවලියේ සුපිරි අට වටයේ ශ්රී ලංකා කණ්ඩායම අද මුහුණ දුන් පළමු තරගයෙන් පසුගිය වර අනුශූර චීනය හමුවේ තරග වට 3-0 ක් ලෙස පරාජය වීමට සිදුවිය.
තරගයේ පළමු වටය 25/15 ක් ලෙස පරාජයවීමට සිදුවූ අතර, දෙවැනි හා තෙවැනි වට පිළිවෙළින් 25/21 ක් හා 25/23 ක් ලෙස පරාජයවීමට සිදුවිය.
කෙසේ නමුත් ශ්රී ලංකා කණ්ඩායමට තවදුරටත් තරගාවලියෙහි රැඳීසීටීමට අවස්ථාව තිබෙන අතර, හෙට (10දා) චීන තායිපේ සමගින් තරග වැදීමට නියමිතය.
තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාගාරයේදී පැවැත්වෙයි.
ඡායාරූප ඉසුරු පෙරේරා