සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන එකම ටෙස්ට් තරගයේ ලකුණු 388ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට කඩුලු පහකට ලකුණු 270ක් රැස්කරගෙන සිටියි.
නිරෝෂන් දික්වැල්ල හා අසේල ගුණරත්න නොදැවී පිටියේ රැඳී සිටිති. අද දිනයේදී තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනක් දැවී ලකුණු 170ක් රැස්කරගෙන සිටියේය.
නමුත් කුසල් මෙන්ඩිස් හා ඇන්ජලෝ මැතිව්ස් දවාගැනීමට සිම්බාබ්වේ නායක ග්රැහැම් ක්‍රීමර් අද දිනයේදී සමත්විය. කෙසේ වෙතත් දික්වැල්ල හා ගුණරත්න හයවැනි කඩුල්ලට මේ වන විට නොබිඳුණු ලකුණු 67ක සබඳතායක් පවත්වමින් සිටති.