ශ්‍රී ලංකාව හා සම්බාබ්වේ කණ්ඩායම අතර ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන එකම ටෙස්ට් තරගයේ ලකුණු 388ක දැවැන්ත ජයග්රාහි ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සිවුවැනි දිනයට තරගය නිමා කරන විට කඩුලු තුනක් දැවි ලකුණු 170ක් රැස්කරගෙන සිටියි.
ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා හෙට දිනයේදි ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 218ක් රැස්කළ යුතු වෙයි. ශ්‍රි ලංකා ක්‍රිකට් ඉතිහාසයේ මේ දක්වා එවැනි ඉලක්කයක් හඹාගොස් ටෙස්ට් තරග ජයග්‍රහණයක් වාර්තා කර නොමැත. කුසල් මෙන්ඩිස් හා ඇන්ජලෝ මැතිව්ස් නොදැවී පිටියේ රැඳී සිටිති.
.png)