මැලේසියාවේ ක්වාලාලාම්පූර්හීදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරෙහි කුසලාන ශූරතා අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්රී ලංකා කණ්ඩායම මීට සුළු වෙලාවකට පෙර සමත් විය.
අර්ධ අවසන් පූර්ව තරගයේදී ශ්රී ලංකා කණ්ඩායම හමුවේ සත්කාරක මැලේසියානු කණ්ඩායම ලකුණු 28-07 ලෙස පරාජයවිය.
ඊයේ ආරම්භ වූ මෙම තරගාවලියේ 'බී' කාණ්ඩයෙන් තරග කළ ශ්රී ලංකා කණ්ඩායම මුහුණදුන් පළමු තරගයෙන් කසකස්තානය ලකුණු 38-17 ලෙස පරාජය කිරීමට සමත් වූ අතර, දෙවැනි තරගයෙන් චීනය ලකුණු 33-22 ක් ලෙස පරාජය කිරීමට සමත් විය.
ශ්රී ලංකාව හා හොංකොං අතර පැවැත්වෙන අවසන් පූර්ව තරගය ශ්රී ලංකා වේලාවෙන් ප.ව. 12.45 පමණ ආරම්භ වීමට නියමිතය.
මෙහි පළමු අදියර පසුගිය මස (24දා) හොංකොංහි දී පැවැති අතර, එහි සිවුවැනි ස්ථානය දිනාගැනීමට ශ්රී ලංකාව සමත් විය.