ශ්රී ලංකාව 14 – 07 චීනය
ආසියානු සත් සමාජික රග්බි තරගාවලියේ තායිලන්තයේ පැවැත්වෙන දෙවැනි අදියරේ කුසලාන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්රී ලංකා කණ්ඩායම අද (27දා) පෙරවරුවේ සමත්විය.
අර්ධ අවසන් පූර්ව තරගයේදී චීනය ලකුණු 14 – 07 ක් ලෙස පරාජය කර මෙම අවස්ථාව උදාකරගත්තේය. ජයග්රාහී ශ්රී ලංකා කණ්ඩායම ගෝල දිනුම් 02 ක් සාර්ථක කර ගැනීමට සමත් වූ අතර, චීන කණ්ඩායමට සාර්ථක කරගැනීමට හැකි වූයේ එක් ගෝල දිනුමක් පමණි. කෙසේ නමුත් තරගයේ පළමු අර්ධය අවසන් වනවිට 07 - 00 ක් ලෙස චීනය ඉදිරියෙන් සිටියේය.
ඊයේ ආරම්භ වූ මෙම තරගාවලියේ පළමු වටයේ 'බී' කාණ්ඩයෙන් තරග කළ ශ්රී ලංකා කණ්ඩායම මුහුණදුන් පළමු තරගයෙන් චීන තායිපේ ලකුණු 36 -00 ක් ලෙස පරාජය කළ අතර, ඉන් අනතුරුව හොංකොං සමග පැවැති දෙවැනි තරගය ලකුණු 35 – 14 ක් ලෙස පරාජය විය.