ශ්‍රී ලංකාව අවසන් ගෞරවය රැකගනියි
ඉරානයේ ටෙහෙරාන්හිදී පැවැත්වෙන 18 වැනි ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලියේ13 වැනි ස්ථානය වෙනුවෙන් තරග වැදීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (06දා) සුදුසුකම් ලබාගත්තේය. මෙම ස්ථානය සඳහා ඕමානයට එරෙහිව පැවැති තරගය, වට 3/1 ක් ලෙස ශ්‍රී ලංකාව ජයගත්තේය.
වත්මන් ලෝක වොලිබෝල් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 68 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව පළමු හා දෙවැනි වට ලකුණු 25/22 හා 25/19 ක් ලෙස ජයගත්තේය. තෙවැනි වටයේදී ලෝක ශ්‍රේණිගතකිරීම්වල 138 වැනි ස්ථානයේ පසුවූ ඕමානය ශ්‍රී ලංකාවට තියුණු සටනක් ලබාදුන් අතර, ඒ හේතුවෙන් ලකුණු 25/21 ක් ලෙස එම වටය ඔවුහු ජයගත්හ. කෙසේ නමුත් තීරණාත්මක සිවුවැනි වටය 25/14 ක් ලෙස නැවතත් ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
13 වැනි ස්ථානය සඳහා ඊයේ (06දා) පැවැති අනෙක් තරගයෙන් ටර්කිමිස්තානය පරාජය කර තරග වට 3/1 ක් ජයක් ලැබීමට කුවේටය සමත්විය. ඒ අනුව ජය ලැබූ කුවේටය හා ශ්‍රී ලංකාව 13 වැනි ස්ථානය වෙනුවෙන් තරග වදින අතර, පරාජිත කණ්ඩායම් දෙක 16 වැනි ස්ථානය (අවසන්) වෙනුවෙන් තරග වදියි.
ආසියානු කලාපයේ රටවල් 16ක් අතර 'ඒ', 'බී', 'සී' හා 'ඩී' ලෙස කොටස් හතරක් යටතේ පැවැති මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව 'ඩී' කාණ්ඩයෙන් තරග වැදුණි. කෙසේ නමුත් මූලික වටයේ චීනය (3/0), බහරේනය (3/0) හා ජපානය (3/1) හමුවේ මුහුණදුන් තරග තුනම පරාජයවීමට ශ්‍රී ලංකාවට සිදුවිය. ඒ හේතුවෙන් ශූරතාව වෙනුවෙන් තරග වැදීමට තිබූ අවස්ථාව අහිමිවිය.
ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

