ශ්රී ලංකාව ආසියාවෙන් ඉවතට
ඩුබායිහි පැවැති ආසියානු කුසලාන 19 පහළ ක්රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ඉන්දියාව හමුවේ ශ්රී ලංකාව කඩුලු තුනකින් පරාජය විය.
ලකුණු 224 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය පිතිකරුවෝ තරගය නිමවීමට පන්දු 5 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර යාමට සමත්වූහ.
ශ්රී ලංකා ජයග්රහණය විනාශ කරමින් අවසන් සටන කරා ඉන්දීය ඉනිම රැගෙන ගිය ආරම්භක පිතිකරු අන්කුෂ් බායින්ස් පන්දු 53 ක් තුළ ලකුණු 54 ක් රැස්කළේය. ඒ හේතුවෙන් ඔහුට තරගයේ වීරයා සම්මානයද හිමිවිය.
ශ්රී ලංකාව 223/8 (පන්දුවාර 50)
හෂාන් දුමිඳු 60 (පන්දු 109, 4x5)
කුසල් මෙන්ඩිස් 52 (පන්දු 77, 4x4)
කුල්දීප් යාදව් 49/3 (පන්දුවාර 10)
සර්ෆාස් ඛාන් 28/2 (පන්දුවාර 8)
ඉන්දියාව 224/7 (පන්දුවාර 49.1)
අන්කුෂ් බයින්ස් 54 (පන්දු 53, 4x4, 6x1)
රිකී බුයි 37 (පන්දු 58, 4x3)
අනුක් ප්රනාන්දු 57/2 (පන්දුවාර 9.1)
බිනුර ප්රනාන්දු 34/1 (පන්දුවාර 10)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
