ශ්රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක
ශ්රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේ පරාජයකින් බේරීම සඳහා කටයුතු කරන විට ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න හා දෙවැනි ඉනිමේ විශේෂඥ පිතිකරුවෙකු වන කුසල් මෙන්ඩිස් එක්ව තරගය සිවුවැනි දිනය දක්වා රැගෙන ගියේය. ඒ අනුව පළමු ඉනිමේදී ශ්රී ලංකා කණ්ඩායමෙන් වූ අවාසිය මග හරවා ගැනීමටත් ඔවුන් සමත්විය.
පළමු ඉනිමේදී ශ්රී ලංකා ඉනිම ලකුණු 183කට සීමාවූ අතර ඒ අනුව ලකුණු 439ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය. තෙවැනි දිනයට තරගය නිමා කරන විට ශ්රී ලංකා කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 209ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරිම සඳහා ශ්රී ලංකාව තවත් ලකුණු 230ක් රැස්කළ යුතුය.
තරගය නිමා වීම සඳහා විනාඩි 20ක් පමණ තිබියදී හරදික් පාණ්ඩ්යා ක්රියාත්මක වෙමින් ශ්රී ලංකා කණ්ඩායම එතෙක් රැගෙන ආ සාර්ථක සබඳතාව අවසන් කළේය. ඒ කුසල් මෙන්ඩිස් දවාගනිමිනි. ඒ අනුව අවසන් කුසල් හා කරුණාරත්න දෙවැනි කඩුල්ල සඳහා පැවැත්වූ ලකුණු 191ක සබඳතාව අවසන් විය. කරුණාතරන් නොදැවි ලකුණු 97ක් රැස්කරගෙන සිටියි. හෙට තරගයේ සිව්වැනි දිනයයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

