ශ්රී ලංකා කණ්ඩායම හා කොදෙව් කණ්ඩායම අතර ශ්රී ලංකාවේ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා නම් කළ කොදෙව් එක්දින කණ්ඩායම පිළිබඳව විවේචන කිරීම හේතුවෙන් කණ්ඩායමේ පුහුණුකරු පිල් සිමන්ස් තාවකාලිකව එම කණ්ඩායමෙන් ඉවත්කර තිබේ. .
කණ්ඩායමට තුන් ඉරියව් ක්රීඩකයන් ඇතුළත් නොවීම පිළිබඳව ප්රසිද්ධියේ විවෙනය කිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාවයි.
කොදෙව් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු තනතුර සඳහා කොදෙව් තේරීම් කමිටු සාමාජිකයෙක් වෙන එල්ඩින් බැප්ටිස් නම්කොට තිබෙන අතර කණ්ඩයම සමගින් ඔහු ශ්රී ලංකාවට පැමිණිමට නියමිතය.
නිවේදනයක් නිකුත් කරමින් කොදෙව් ක්රිකට් ආයතනය පවසන්නේ පිල් සිමන්ස්ට එරෙහිව පවතින පරීක්ෂණයක් හේතුවෙන් ඔහුව තාවකාලිකව තනතුරින් ඉවත් කළ බවයි.
ශ්රී ලංකාවට එරෙහි එක්දින සංචිතය සඳහා කිරන් පොලාඩ් හා ඩ්වේන් බ්රාවෝ එක්කර නොගැනීම පිළිබඳව විවේචන සිදු කිරීමට ඔහු කටයුතු කරනු ලැබීය. මෙය පිටතින් ආපු බලපෑමක් බවද ඔහු සඳහන් කළේය.