ලෝක බැඩ්මින්ටන් සංගමය විසින් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ලෝක සමාජිකත්වය තහනම් කර ඇත. මේ බව දැනුම්දෙමින් ලෝක සංගමය විසින් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ වත්මන් සභාපති සුරාජ් දන්දෙනිය මහතාට අද (22දා) ලිපියක් යොමුකර ඇත.
මේ බව සනාථ කරමින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා පවසා සිටියේ කරුණු දෙකක් පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවේ ලෝක සාමාජිත්වය තහනම් කර ඇති බවත්, එම ගැටලු නිවැරදි කරගන්නා තෙක් සාමාජිකත්වය නැවත හිමි නොවන බවත්ය. ඒ අනුව නැවත සාමාජිකත්වය ලැබෙන තුරු ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මින් ඉදිරියට ලෝක බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන කිසිඳු ජාත්‍යන්තර තරගයකට සහභාගී විය නොහැක.