ශ්රී ලංකා ක්රිකට් අහෝ නොදුටු වන් ටීම් වන් නේෂන්
ශ්රී ලංකා ක්රිකට් ආයතනය 'වන් ටීම් වන් නේෂන්' (එක් කණ්ඩායමක් එක් ජාතියක්) යන තේමා පාඨය යටතේ මෙරට ක්රිකට් ක්රීඩාව දියුණු කිරීමට සැලසුම් සකස් කර තිබුණේ අද ඊයේක නොවේ.
ඒ මීට වසර එකහමාරකට පෙර වත්මන් පරිපාලනය ක්රිකට් ආයතනයේ බලයට පැමිණීමත් සමගිනි.
කෙසේ වෙතත් මුදලින් රුපියල් මිලියන ගණනක් වැයකර මෙම තේමා පාඨය ශ්රී ලංකා ක්රිකට් දියුණුවට යොදා ගැනීමට වත්මන් පරිපාලනය පියවර ගෙන තිබුණද, පහත ඡායාරූපයෙන් දිස්වනුයේ අද වනවිට ඊට අත්ව ඇති ඉරණමයි. ක්රිකට් ආයතනය මෙම සංකල්පය ගෙන එද්දීම අප පැවසුවේ මෙය ශ්රී ලංකා ක්රිකට් දියුණුවට ගෙන ආ සංකල්පයක් නොව, යම් යම් පුද්ගලයන්ගේ අභිමතාර්ථ මත පදනම්ව ඉදිරිපත් වූවක් පමණක් බවත්ය.
අද වනවිට 'වන් ටීම් වන් නේෂන්' ට වියදම් කළ ශ්රී ලංකා ක්රිකට් සතු රුපියල් මිලියන ගණනක් වතුරේ ගොසින් යැයි දක්නට හැකිවනුයේ එම තේමා පාඨයට මේ වනවිට අත්ව ඇති ඉරණම දකින විටදීය. අවසානයේ පැවසිය හැකිව ඇත්තේ 'අහෝ... වන් ටීම් වන් නේෂන් නොදුටු ශ්රී ලංකා ක්රිකට්' යන්න පමණි. ඒ නිසා දැන්වත් මේ මුදල් නාස්තිය වළකාලීමට පියවර ගත යුතු යැයි නිසි බලධාරීන්ට සිහිපත් කරදීමට කැමැත්තෙමු.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

