ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ස්මාර්ට්ෆෝන් සහකරු Huawei
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ස්මාර්ට්ෆෝන් සහකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සහයෝගීතාවකට එළඹීම ඊයේ (19දා) සිදුවිය. මෙම නිල ස්මාර්ට්ෆෝන් අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිමි සහ කාන්තා යන කණ්ඩායම් දෙක සඳහාම සැපයෙන අතර, එක්දින, ටෙස්ට් හා විස්සයි විස්ස තරග සඳහා මෙම සත්කාරකත්වය ක්‍රියාත්මක වෙයි. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාව වන ක්‍රිකට් සඳහා Huawei විසින් මෙම අනුග්‍රාහකත්වය දක්වා ඇත්තේ දේශීය ක්‍රීඩා ලෝලීන් අතර සිය සන්නාමය තවදුරටත් ජනප්‍රිය කරවීමේ අරමුණිනි.
මෙහිදී අනුග්‍රාහකත්වය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා Huawei අනුග්‍රාහකත්වය දැක්වෙන ක්‍රිකට් නිල ඇඳුම Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලදාරී ෂුන්ලි වොන්ග් සහ Huawei ස්මාර්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියූ යන මහත්වරුන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන්ද සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙත පිරිනැමීම කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින තරග නායක උපුල් තරංග, ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් සහ රංගන හේරත් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරින්ද එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

