ජනතාවගේ ක්‍රීඩකයා තෝරාගැනීමට ජනතාවටත් අවස්ථාව
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඩයලොග් ආසියාටා පෞද්ගලික සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය සැප්තැම්බර් මස 3 වැනිදා පැවැත්වීමට නියමිතය.
මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද (12 දා) සවස කොළඹදී පැවති අතර, එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා සඳහන් කළේ, දේශීය හා විදේශීය ක්‍රිකට් පිටිය තුළ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙහිදී ඇගයීමට ලක්කරනු ඇති බවයි.
වසරේ ජනතාවගේ ක්‍රීඩකයා සඳහා ඡන්දය ලබාදීමේ අවස්ථාව ජනතාවට හිමිව තිබෙන අතර, ඒසඳහා ඔබට ඕනෑම දුරකථනයකින් DPP <හිස්තැනක්> ක්‍රීඩකයාගේ නම සඳහන් කර 2343 කෙටි පණිවුඩයක් යොමු කළ හැකිය.
කෙටි පණිවුඩ යොමු කිරීම මෙ අතර, එය සැප්තැම්බර් දෙවැනිදා රාත්‍රී 12.00 ට නිමාවීමට නියමිතය.
මෙවර සම්මාන රාත්‍රිය පැවැත්වෙන්නේ 6 වැනි වතාවට වන අතර, ඩයලොග් ආසියාටා සමාගම මෙවර අනුග්‍රහය දක්වන්නේ අඛණ්ඩව දෙවැනි වතාවටයි. ටෙස්ට්, එක්දින, විස්සයි20 ජාත්‍යන්තර මට්ටම් තරගවලදී මෙන්ම, ඩොනවන් ඇන්ඩ්‍රේ, පී. සරා වැනි දේශීය තරග පිටියේදී දැක්වූ දක්ෂතා අනුව මෙහිදී ක්‍රීඩකයන් ඇගයීමට ලක් කිරීමට නියමිතය.
මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, ලේකම් නිශාන්ත රණතුංග, භාණ්ඩාගාරික නුෂ්කි මෙහොමඩ් හා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්, ඩයලොග් ආයතනයේ ප්‍රධාන අලෙවිකරණ නිලධාරිනී අමාලි නානායක්කාර ඇතුළු පිරිස සහභාගී වූහ.
ඡායාරූප - ඉසුරු පෙරේරා