කාන්තා ක්රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේදි සිය පළමු ජයග්රහණය වාර්තා කිරීමට ශ්රී ලංකා ක්රීඩිකාවෝ අද (08දා) අයර්ලන්තයට එරෙහිව සමත් වූහ. ඒ ලකුණු 146 ක දැවැන්ත ජයක් වාර්තා කරමිනි.
කොළඹ එන්.සී.සී. ක්රීඩාංගණයේදී නිමාවට පත්වූ මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 05කට ලකුණු 239ක් රැස් කළේය. ශ්රී ලංකා ඉනිම වර්ණවත් කළ ප්රසාදිනී වීරක්කොඩි (61) හා ඩිලානි මනෝදරා (53) අර්ධශතක රැස්කිරීමට සමත්වූහ. අයර්ලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී ඉසබෙල් ජොයිස් කඩුලු 04ක් දවාගැනීමට සමත්වූවාය.
පිළිතුරු ඉනිම ඇරඹු අයර්ලන්ත ක්රීඩිකාවන්ට පන්දුවාර 36.1 කදී සියලු ක්රීඩිකාවන් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 93ක් පමණි.
එහිදී ක්ලෙයාර් ශිලින්ග්ටන් පමණක් ලකුණු 36ක් රැස්කිරීමට සමත් වූවාය. අයර්ලන්ත ඉනිම විනාශ කළ ඉනොසි ප්රියදර්ශනී (3/21), ඉනෝකා රණවීර (2/16) හා ශ්රී පාලි වීරක්කොඩි (2/37) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූහ.
ශ්රී ලංකා කණ්ඩායම සහභාගීවන මීළඟ තරගය අනිද්දා (11දා) පැපුවා නිව්ගිනියාවට එරෙහිව පැවැත්වීමට නියමිතය.