ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ දැනුම් දීම අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මහ සභා රැස්වීම හා නිලවරණය මැයි මස 31 දා පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ක්‍රිකට් නිලවරණය හා මහ සභා රැස්වීම මැයි 19 දා පැවැත්වීමට නියමිතව තිබුණත් එහි ඇතිවූ නීතිමය ගැටලු කිහිපයක් හේතුවෙන් නිලවරණය මෙසේ කල් දැමීමට සිදුවිය.