මැලේසියාවේ පැවැත්වෙන වයස 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්රී ලංකා කණ්ඩායම හෙට (08දා) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත. ක්රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් මෙහි කණ්ඩායම් නායකත්වයට කමිඳු මෙන්ඩිස් හා උපනායකත්වයට ජෙහාන් ඩැනියල් පත්කර ඇත.
තරගාවලිය 'ඒ' හා 'බී' ලෙස කාණ්ඩ 02ක් යටතේ කණ්ඩායම් 08ක සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර, ශ්රී ලංකාව එහි %බී^ කාණ්ඩයෙන් තරග වදියි. එම කාණ්ඩයට පාකිස්තානය, ඇෆ්ගනිස්තානය හා ආසියානු බටහිර කලාපයෙන් සුදුසුකම් ලබන කණ්ඩායම ඇතුළත් වෙයි.
මෙහි 'ඒ' කාණ්ඩයෙන් ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය හා මැලේසියාව තරග වදින අතර, තරගාවලිය එළඹෙන 09දා සිට 20 වැනිදා දක්වා පැවැත්වේ.
2012 වසරේදී ආරම්භ වූ ආසියානු කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ සිවුවැනි වරටය.
මෙහි වත්මන් ශූරයන් ඉන්දියාව වන අතර, ඔවුන් 2016 හා 2014 යන වසර ද්විත්වයේ ශූරතාව හා 2012 වසරේ පාකිස්තානය සමගින් සම ශූරතාව ජයග්රහණය කිරීමට සමත් විය. පාකිස්තානය 2014 වසරේදී හා ශ්රී ලංකාව 2016 වසරේදී මෙහි අනුශූරතාව හිමිකරගෙන ඇත.
ශ්රී ලංකා වයස 19න් පහළ සංචිතය - කමිඳු මෙන්ඩිස් (නායක), ජෙහාන් ඩැනියල් (උපනායක), අශේන් බණ්ඩාර, ධනංජය ලක්ෂාන්, නිෂාන් මතුෂංක, නිපුන ධනංජය, හසිත බෝයගොඩ, ක්රිෂාන් සංජුල, නවිඳු ප්රනාන්දු, රන්දීර් රණසිංහ, තිසරු රෂ්මික, තිලාන් ප්රශාන්, පී. ජයවික්රම, කලන පෙරේරා, කේ.කේ. කෙවින්
තරග කාලසටහන (ශ්රී ලංකාව තරග වදින තරග)
නොවැ. 10 ශ්රී ලංකාව - ආසියානු බටහිර කලාපයෙන් සුදුසුකම් ලබන කණ්ඩායම
නොවැ. 11 ශ්රී ලංකාව - ඇෆ්ගනිස්තානය
නොවැ. 13 ශ්රී ලංකාව - පාකිස්තානය