ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට කඩුලු හතක පරාජයක්
- 11 08 2014
- 10:19
- {{hitsCtrl.values.hits}} views
- සංජීව ධර්මසේන
ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම පරාජය කර බ්රිස්ටොල්හි ඊයේ (10දා) පැවැති තරගයෙන් කඩුලු හතක ජයක් ලැබීමට නවසීලන්ත 'ඒ' කණ්ඩායම සමත්විය. සත්කාරක එංගලන්ත 'ඒ', නවසීන්ත 'ඒ', ශ්‍රී ලංකා 'ඒ' තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ මෙම තරගය පැවැත්විණි.
නවසීලන්ත 'ඒ'ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා 'ඒ'කණ්ඩායමට පන්දුවාර 35 අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 140ක් පමණි. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නවසීලන්ත 'ඒ' කණ්ඩායම ජයග්‍රාහී ලකුණු 141 ක ඉලක්කය පන්දුවාර 18 ක් අවසානයේ පසුකර යාමට සමත්විය.
ශ්‍රී ලංකා 'ඒ' 140/10 (පන්දුවාර 35)
සීක්කුගේ ප්‍රසන්න 24 (පන්දු 35, 4x1, 6x2)
අශාන් ප්‍රියන්ජන් 20 (පන්දු 22, 4x2, 6x1)
ධනුෂ්ක ගුණතිලක 19 (පන්දු 31, 4x3)
දිනේෂ් චන්දිමාල් 15 (පන්දු 17, 4x2)
මහේල උඩවත්ත 15 (පන්දු 36, 4x2)
නවසීලන්ත 'ඒ'පන්දු යැවීම
ඉෂ් සෝධි 4/10 (පන්දුවාර 6)
ඩග් බ්‍රාස්වෙල් 3/19 (පන්දුවාර 6)
නවසීලන්ත 'ඒ'142/3 (පන්දුවාර 18)
ටොම් ලේතම් 64 (පන්දු 56, 4x9, 6x1)
හමීෂ් රදෆෝඩ් 38 (පන්දු 29, 4x8)
ඩීන් බ්රවුන්ලයින් නොදැවී 20 (පන්දු 17, 4x1, 6x1)
ශ්‍රී ලංකා 'ඒ' පන්දු යැවීම
දුෂ්මන්ත චමීර 2/14 (පන්දුවාර 2)
භානුක රාජපක්ෂ 1/15 (පන්දුවාර 2)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

