සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්රිකා කණ්ඩායම අතර දකුණු අප්රිකාවේ පෝට් එළිසබෙත්හි පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්රිකා කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 181 සීමා විය. පන්දුවාර 48.3කදී ශ්රී ලංකා ඉනිම අවසන් වූ අතර කුසල් මෙන්ඩිස් පමණක් ලකුණු 62ක් රැස්කළේය. වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව පසුකර යෑමට නොහැකිවිය. ඉම්රාන් තාහීර් හා වේන් පානෙල් කඩුලු තුන බැගින් දවාගත්තේය.