සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා දකුණු අප්රිකා කණ්ඩායම අතර දකුනු අප්රිකාවේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා කරන විට සිය දෙවැනි ඉනිම ක්රීඩා කරමින් සිටින දකුණු අප්රිකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 35ක් රැස්කරගෙන සිටියි.
ඒ අනුව ඔවුන් ශ්රී ලංකා දෙවැනි ඉනිමට වඩා කඩුලු 10ක් අතැතිව ලකුණු 317ක් ඉදිරියෙන් සිටියි.
දකුණු අප්රිකා පළමු ඉනිම ලකුණු 392
ශ්රී ලංකා පළමු ඉනිම ලකුණු 110
දකුණු අප්රිකා දෙවැනි ඉනිම 35/0
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දකුණු අප්රිකා ප්රථම ඉනිමට පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රි ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවි රැස්කළ හැකිවූයේ ලකුණු 110ක් පමණි.
දකුණු අප්රිකාව සිය පළමු ඉනිම සඳහා ලකුණු 392ක් රැස්කළේය. ඒ අනුව ලකුණු 282ක් ඉදිරියෙන් සිටිමින් දකුණු අප්රිකානු කණ්ඩායම සිය දෙවැනි ඉනිම ආරම්භ කරනු ලැබීය.
.jpg)