සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද(06දා) ආරම්භ වූ සිව්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම දිනය නිමාවන විට කඩුලු දෙකක් දැවී ලකුණු 348 ක් රැස්කරගෙන සිටියේය.
නොදැවී පන්දුවට පහරදෙමින් සිටින නායක ස්ටීවන් ස්මිත් ලකුණු 82 ක් හා ෂේන් වොට්සන් ලකුණු 61 ක් රැස්කරගෙන සිටිති.
ක්‍රිස් රොජර්ස් සමගින් ඩේවිඩ් වෝනර් අද (06දා) ඔස්ට්‍රේලියානු ඉනිම ආරම්භ කළ අතර, ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 200 සබඳතාවක් ගොඩනැගූහ. මෙය ඉන්දියාවට එරෙහිව පළමු කඩුල්ලට වාර්තා වූ තෙවැනි ද්විත්ව ශතක සබඳතාව වේ. ඉන් අවස්ථා දෙකකට ඩේවිඩ් වෝනර් දායක වී ඇත.
ආර්. අශ්වින්ගේ පන්දුවක් හමුවේ මුරලි විජේ අතට උඩපන්දුවක් ලබාදී පළමු කඩුල්ල ලෙස වෝනර් දැවී යනවිට ලකුණු 101 ක් රැස්කරගෙන සිටියේය. ඔහු ඊයේ රැස්කරනු ලැබුවේ තම 12 වැනි ටෙස්ට් ශතකය මෙන්ම ඉන්දියාවට එරෙහිව රැස්කළ සිව්වැනි ටෙස්ට් ශතකය වේ. ඔහු ඉන්දියාවට වැඩිම ශතක ප්‍රමාණයක් රැස්කළ දෙවැනි ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවා වෙයි. මෙහි ඉදිරියෙන් සිටින මැතිව් හේඩ්න් අවස්ථා හයකදී ඉන්දියාවට එරෙහිව ශතක රැස්කර ඇත.
කෙසේ නමුත් ඉනිමට තවත් ලකුණු හතරක් එක්වන විට ක්‍රිස් රොජර්ස් දවාගැනීමට මොහොමඩ් ශාමි සමත්විය. පන්දුව කඩුල්ලේ වැදීමෙන් රොජර්ස් දැවී යනවිට ලකුණු 95 ක් රැස්කරගෙන සිටියේය.
මෙම තරගාවලියේ පළමු තරග දෙක ජයගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්වූ අතර, තෙවැනි තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. අද (07දා) තරගයේ දෙවැනි දිනයයි.
ඔස්ට්‍රේලියාව 348/2 (පන්දුවාර 90)
ස්ටීවන් ස්මිත් නොදැවී 82 (පන්දු 134, 4x10)
ෂේන් වොට්සන් 61 (පන්දු 132, 4x6)
ඩේවිඩ් වෝනර් 101 (පන්දු 114, 4x16)
ක්‍රිස් රොජර්ස් 95 (පන්දු 160, 4x13)
ඉන්දියාව පන්දු යැවීම
රවිචන්ද්‍රන් අශ්වින් 1/88 (පන්දුවාර 28)
මොහොමඩ් ශාමි 1/58 (පන්දුවාර 16)